gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මතුගම වෙඩිතැබීමක්

මතුගම, ඇතුළත් මුදලි මහා විද්‍යාලය පිටුපස නිවසක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීට වසර කිහිපයකට පෙර අදාළ නිවසේ සිටි කාන්තාවක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඉන් අනතුරුව අදාළ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

එලෙස තිබියදී අද රාත්‍රී 7ට පමණ එම නිවස ඉදිරිපිට සැක සහිත වෑන් රථයක් නවතා තැබීම හේතුවෙන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද වාර්තා වේ.
-adaderana
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka