gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරීක්‍ෂා නොකර පිටකල කන්ටේනර් 323 තොරතුරු රේගුවෙන් අතුරුදන්..

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව තමනට රේගුව විසින් ලඛිතව දන්වා එවා ඇතැයි හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙසේ අදහද් පල කලේය.

පරික්ෂාවකින් තොරව බහලුම් 323ක් 2025 ජනවාරි 18 වෙනිදා වරායෙන් නිදහස් කිරීමේ භයානක කම රටට හෙලි කලේ රේගු නිලධාරින් විසින්මයි. ඒ අවස්ථාවේ බිමල් ඇමතිතුමා වීරයෙකු වගේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වා තමන්ගේ නියෝගයකින් තමයි ඒවා නිදහස් කලේ කියලා. එතුමාට වරාය භාර වුණත් රේගුව භාර දීලා නෑ. රේගුව තිබෙන්නේ මුදල් ඇමති විධියට ජනාධිපතිතුමා යටතේ. තමන්ට අයිති නැති රේගුවට නියෝග දෙන්න බිමල් ඇමතිතුමාට තිබෙන අයිතිය මොකක්ද? බලය මොකක්ද? බහලුම් තදබදයට පිලියම් සොයන්න පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති බිමල් රත්නායක ඇමතිතුමා බව ඇත්ත. කමිටුවට තිබෙන්නේ තමන්ගේ නිර්දේශ සහිත වාර්තාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීම මිස රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග දීම නොවේ.

මෙම බහාලුම් වල මොනවාද තිබුණේ කියන එක අහලා අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2025 පෙබරවාරි 8 රේගුවට ලිපියක් යැව්වා. 2025 අප්‍රේල් 3 අපට එවලා තිබෙන්නේ “කොහේද යන්නේ – මල්ලේ පොල්” උත්තරයක්. පරික්ෂා නොකර යැවූ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබුණු ඒවා ද කීයක් තැඹිලි මාර්ගයේ යවන්න නිර්දේශ කර තිබුණු ඒවා ද කියලා අපි ඇහුව්වා. අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා වෙනුවට ජනවාරි 29 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පිටපතක් එවලා තිබෙනවා. ඒ වගේම ඒ ලිපියේ මෙහෙම කියනවා “ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි”. පරික්ෂා නොකර යැවූ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබුණු ඒවා ද කීයක් තැඹිලි මාර්ගයේ යවන්න නිර්දේශ කර තිබුණු ඒවා ද කියන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න අවශ්‍ය ලේඛන රේගුවේ නෑ කියන එක අස්වාභාවික තත්වයක් නොවේ ද? මෙතැන රේගුව සඟවන්න හදන ලොකු රහසක් තිබෙන බව පැහැදිලියිනෙ.

ඒ බහලුම් පරික්ෂා නොකල නිසා ඒවායේ මොනවාද තිබුණේ කියලා අහන ප්‍රශ්නයට ඒ අයට උත්තර දෙන්න බෑ. අපි විශ්වාස කරන්නේ මේ බහලුම් වල තිබුණේ අවි ආයුද සහ මුනිස්සම්. මොකද මේ බහලුම් නිදහස් කරපු 2025 ජනවාරි 18න් පස්සේ තමයි වෙඩි තැබීම් පිම්මේ වැඩෙන්න ගත්තේ. පාතාලයට වෛරය තිබුණත් උවමනාව තිබුණත් අවි නැතිව මූනිස්සම් නැතිව අක්‍රිය වෙලා තිබුණේ. බහලුම් නිදහස් කිරීමත් එක්ක පාතාලයත් සක්‍රිය වුණා. දැන් වෙඩි තැබීමක් නොවන දවසක් නැති තරම්. දැන් සමහර මාධ්‍යවල ප්‍රවෘත්ති විශේෂාංගයක් තිබෙනවා “දවසේ වෙඩිල්ල” කියලා. මේ වසර තුල පමණක් මේ වන විට වෙඩි තැබීම් 49ක් වෙලා 30ක් මිය ගිහින් තිබෙනවා. මේ සෑම මරණයකම ලේ බිමල් ඇමතිතුමාගේ අත්වල ගෑවිලා තිබෙනවා කියලා අපි කියනවා.

බහලුම් නිදහස් කරන්න රේගුවට නියෝගය දුන්නේ තමන් කියලා බිමල් ඇමතිතුමා පිලිගන්නවා නම් රේගුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ නම් බිමල් ඇමතිතුමා මුදල් ඇමති නොවේ නම් ඔහු කර තිබෙන්නේ නීති විරෝධි කටයුත්තක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන්ගේ කැබිනට් ඇමති කෙනෙකු වන කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා අත්අඩංගුවට පත් කරලා අළුත් වාර්තාවක් තිබ්බා. ඊට කලින් කැබිනට් ඇමතිවරයෙකු අත්අඩංගුවට පත් වෙලා නෑ. දැන් නීතිය බිමල් රත්නායක ඇමතිතුමා අත්අඩංගුවට අරන් අඩුම ගණනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම වෙන්න උත්සාහ කරන්න කියලා අපි අනුර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka