gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හල්ලොලුවට වෙඩි තැබීම – පැදිකරු ඇතුළු 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර… එක් සැකකරුවෙක් විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයකට වෙඩි තබන්නට පැමිණි පැදිකරු ඇතුළු සැක කරුවන් තිදෙනා පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.
වත්තල ස කොළම 14 ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් ඊයේ ( 27) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වත්තල සහ කිරුළපන ප්‍රදේශවලදී අත් අඩංගුවට ගෙන තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවට පමුණුවනු ලැබුවේය. නඩුව කැඳවනු ලැබුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළය.

ඒ අවස්ථාවේ දී විමර්ශන අංශ අධිකරණයෙන් දන්වා ඇත්තේ සිද්දිය සම්බන්ධව විමර්ශන අවසන් කර නොමැති බැවින් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත්ය.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.

එහිදී සිදුවූ වැදගත්ම සිද්ධිය වන්නේ මෙම සැකකරුවන් අතර සිටි මොහොමඩ් ශෆ්නි නැමැති සැකකරු තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය

ඉන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරුවන් තුන්දෙනා හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka