gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

23 දෙනකුගේ ජීවිත නැති කළ කොත්මලේ බස් අනතුරේ වාර්තාව එළියට! වැරැදිකරු කතරගම ඩිපෝවයි මාර්ග සංවර්ධන අධිකාරියයි! රියැදුරුට නින්දත් ගිහින්!

මගීන් 23 දෙනකුට දිවි අහිමි කරමින් හා තවත් මගීන් 60කට තුවාල සිදුකරමින් කොත්මලේ, ගැරඬිඇල්ලේ දී සිදු වූ බස්රථ අනතුරට වගකිව යුත්තේ කතරගම ඩිපෝව හා මාර්ග සංවර්ධන අධිකාරිය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරික්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියැදුරුගේ අවිවේකී බව සහ රියැදුරුට නිමේෂයකින් නින්ද යාම බව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වරද රියැදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.

පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර් වාහන පරීක්ෂකවරුන් හයදෙනකුගෙන් යුත් පරීක්ෂණ කමිටුව සිය වාර්තාව පෙරේදා (27 වැනිදා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දී තිබිණි.

අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියාවන් කිරීම අනතුරින් අලාභ හානි දැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද කමිටු වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙම බසය කතරගම ඩිපෝව මගින් 2023 වසරේ දී අලුත්වැඩියා කර තිබෙන නමුත්, ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බොඩියේ තහඩු ගලවා සැකිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අලුතින් තහඩු භාවිත කර නොමැති බව ද අනාවරණය වී තිබේ.

එහි සැකිල්ලේ කණු බොහෝමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබී ඇති අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ ශක්තිය ද හීන වී ඇති බව කමිටුව පෙන්වා දෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාවක්ව පැවැති අනතුර සිදුවූ ස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස ලෑලි වෙළෙඳසල් දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළෙඳසල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ ගස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් පෙන්වාදෙන කමිටු වාර්තාව එය ද බසය පෙරළී යාමට තවත් එක් හේතුවක් බව සඳහන් කරයි.

තවද එකී කරුණු සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද කමිටුව නිර්දේශ කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka