gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය  කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා  අල්ලස් කොමිසමේ පෙනී නොසිටි  හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝෂන් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළාය.

අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් , අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා  අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර පෙරේදා දින  අල්ලස් කොමිසම මෝෂමක් ගොනුකරමින් අදාල පෙත්සමට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේත්‍රාත්වරිය නියෝග කර සිටියේ අදාළ ඉල්ලීමයි ලබන සඳුදා (19)ඉදිරිපත් කරන ලෙසය.

කෙසේ වෙතත් අද (16) දින විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අල්ලස් පනතේ විවිධානාන ප්‍රකාරව වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

-(රෝෂන් තුෂාර)
lankadeepa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka