gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පරීක්‍ෂණ තදට යනවා.. තොරතුරු දැන්ම කියන්න බෑ.. හිතේ ඉන්න අය වැරදිකාරයො කරන්න බෑ..- පාස්කු පෙරදා ජනපති කියයි.. (video)

රටම බලා ඉන්නා ඉතා වැදගත් පරීක්‍ෂණයක විමර්ශන දියත් වෙමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් එහි ඉදිරි පියවරයන් ඉතාම සූක්ෂම සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව ඇති බවද ඒ මහතා පැවසීය.

එනිසා සමහර තොරතුරු ජනතාවට දැම්ම දැන ගැනීමට නොහැකි නොවුණු ඇති බවත් විමර්ශන ඉතා හොඳින් සිදුකරමින් යන බවත් ඒ මහතා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේදී පවත්වන ලද ජන රැලියක් අමතමිනි.

මම අද කිව්වා අපේ පොලිසි භාර ඇමතිතුමාට කිව්වා ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා.

හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා.

ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්මා දැනගන්න ලැබෙන්නේ නැති වේවි.

විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්.

කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.

එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනව.

ටිකක් ප‍්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරැවකු බවට පත් කිරීම සදහා හොද සාක්‍ෂි සටහන් තියෙන්න ඔ්න.

එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරනේ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා’

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka