gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ප‍්‍රධානම කොන්දේසියක් ඉටු කරන්න බැරි බව ලක් රජය IMFට දන්වයි.. සහන කාලයක් ඉල්ලයි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට අපනයන ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් ඉහළ නංවා ගන්නා ලෙස පනවා ඇත් කොන්දේසිය ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ශ‍්‍රී ලංකා බලධාරීන් එම අරමුදලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ ඇමරිකා – චීන වෙළෙඳ යුද්ධය හේතුවෙන් ඇඟලුම්, රබර්, පොල් ඇතුළු අපනයන භෝග ක්ෂේත්‍රයට බරපතළ බලපෑමක් එල්ල වීමේ අවදානමක් පැවතීමයි.

ඒ නිසා විකල්ප ක්‍රමවේදයක් සොයා ගන්නා තෙක් එම කොන්දේසිය සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇත.

ඇමරිකාව විසින් මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පනවා එය ක‍්‍රියාත්මක කිරීම දින 90 කට අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට කණ්ඩායමක් එළැඹෙන සතියේ ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka