ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ විශේෂ කණ්ඩායමක් ඇමරිකා බලා පිටත්ව යාමට නියමිතය.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කර දෙරට වෙළඳ ශේෂය සාධාරණ අයුතුවෙන් කළමනාකරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
මෙම කණ්ඩායම සදහා ජනාධිපති අනුර දිසානායක මහතා එක් නොවනු ඇති අතර රජයේ වෙනත් ප‍්‍රබල ඇමතිවරයෙක් එක් වන්නේදැයි තොරතුරු නැත.
කෙසේ නමුත් ඉහලම පෙලේ නිලධාරීන් මේ සදහා සම්බන්ධ වීමට නියමිතය.
