gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප්ගේ තීරණය නිසා සුඛෝභෝගී වාහන අමෙරිකාවට අහිමිවෙයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක බදු පැනවීම හේතුවෙන් ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් සුඛෝභෝගී මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර ඇත.

යුරෝපානු සංගමයට පසු බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාව වන අතර බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වන අතර අමෙරිකාව බදු පැනවීමට මුහුණදීමේ තීරණයකට එළැඹෙන තෙක් අමෙරිකාවට ජගුවර්, ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka