gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස 05න් පාතාලය මර්ධනය කරන්න බෑ… හැබැයි අනිවාර්යයෙන්ම පාතාලය නැති කරනවා… මහජන ආරක්ෂක ඇමති කියයි

නිත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය ඇතැම් පිරිස් පාතාල ක්‍රියාකාරකම් වල යෙදී සිටින බව තහවුරු වීමෙන් පසු හමුදාවෙන් පළාගොස් සිටි 1700 පමණ පිරිසක් පසුගිය මාස දෙකේ දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු පවසන්නේ දේශපාලන සහසම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතාල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයක දී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි වුවත් මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍යය පසුබිම කඩිනමින් සකස් කරන බවය.

ඊයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේලාගෙන් ආශීර්වාද ලබාගෙන පැමිණි අවස්ථාවේ මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ බව කීවේය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

සමාජයේ තිබූ නීති විරෝධී අවි අයුධ දහසකට අධික ප්‍රමාණයක් පසුගිය මාස දෙක තුළ නීතියේ රැහැනට ගත්තා. පාතල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගත්තා. ත්‍රිවිධ හමුදා සේවයෙන් කර නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය පුද්ගලයින් පාතාල ක්‍රියාකාරකම් වලට යොදා ගැනීමේ සිදුවීම් පසුගිය කාලය තුළ වාර්තා වුණා. නිත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය 1700 ක පමණ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කළ 500 දෙනෙකු හෙට දිනයේ විසිර යනවා. මේ අය පාතාල ක්‍රියාකාරකම් මර්දනයට යොදවන්න සැළසුම් කර තිබෙනවා. විදේශ රටවල සැඟවී සිටි පාතාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම ජත්‍යන්තර පොලීසියේ සහය ඇතිව යළි රටට ගෙන්වා ගත්තා. මීට අමතරව අපට අවශ්‍යය සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුටම එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පාතල ක්‍රියාකාරකම් හා තැන තැන සිදුවන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිදු වුණා. අපි ඒ සිදුවීම් ලගුකොට සලකන්නෙෙ නැහැ. දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම ඒකාබද්ධව සමාජය තුළ ස්ථාපිත කරන්න ඇතැම් දේශපාලනඥයින්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවෙයි.

කාලයක් තිස්සෙ සමාජයෙ ස්ථාපිත වූ එම ක්‍රමයසමහර දේශපාලන කණ්ඩායම් බලයට එන්න යොදා ගත්තා. මේ සමස්ත ක්‍රියාදාමය මාස හතරක් පහක් තුළ අවසන් කරන්න බැහැ. නමුත් මේක ස්ථිර ලෙසම පාලනය කරනවා. මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න අවශ්‍යය වටපිටාව සකස් කරන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීම අත්‍යවශ්‍යය කාරනයක්. ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ සඳහා සැළසුමක් සකස් කර තිබෙනවා. ඇමතිවරයා පැවසුවේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka