gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලිමංකඩ ලුණු ෆැක්රිය හැදුවේ රමේෂ් පතිරණයි... වීරයංශ ඉරිසියාවට බොරු කියනවා - සුනිල් හඳුන්නෙත්ති

අලිමංකඩ තමන් ආරම්භ කළ මේස ලුනු කර්මාන්තශාලාව විමල් වීරවංශ මහතා ආරම්භ කළේ යැයි අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2019 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික පියවර ගෙන ඇත්තේ අමාත්‍ය රමේෂ් පතිරණ විසින් බවයි, ඇමති හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ.

විමල් විරවංශ මහතා මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේ මන්නාරමේ හැදු ලුනු පැකට්ටුවක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අලිමංකඩ මෙතෙක් කල් නිෂ්පාදනය කර ඇත්තේ කැට ලුනු බවත් එහි මේස ලුනු කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේ තමන් බවත් ඔහු අවධාරණය කරයි. එහි ගෞරවය හිමි විය යුත්තේ හිටපු ඇමති රමේෂ් පතිරණ මහතාට බවයි, හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ.

ඒ සඳහා උවමනා යන්ත්‍රෝපකරණ 2023 ඇනවුම් කර 2024 සැප්තැම්බර් මස කටයුතු ආරම්භ කළ බව ද ඔහු සිහිපත් කරයි.

එතෙක් කල් මන්දගාමීව සිදුකළ එම කටයුතු තමන් වේගවත් කළ බව ද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.

දේශපාලන අනාථයකු බවට පත්ව යනඑන මං නැතිව සිටින විමල් වීරවංශ වෛරයෙන් ද්වේෂයෙන් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවට ද සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka