gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලොව පුරා බිය පතුරවමින් අමෙරිකානු යුද නෞකා සහ යානා මැදපෙරදිගට ඇදෙයි!

පවතින පසුභිමක පෙන්ටගනය විසින් මෙවැනි තීරණයක් ගැනීම ලොව පුරා සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබේ.

කෙසේවෙතත් මේ ආකාරයට යවා ඇත්තේ කවර වර්ගයේ යුද ගුවන්යානා ද යන්න සහ ඒවා යොදවා ඇත්තේ කුමන කඳවුරුවලට ද යන්න පෙන්ටගනය අනාවරණය කර නැත.

නමුත් අමෙරිකානු ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඉන්දීය සාගරයේ දියේගෝ ගාර්ෂියා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුද කඳවුරේ සිට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා 6ක් පමණ පසුගිය සතියේ වෙනත් ස්ථාන වෙත යවා ඇති බවය.

ඒ අනුව ඒවා මැදපෙරදිග කලාපයට යවා ඇතැයි විශ්වාස කෙරේ.

ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට B-2 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානාවලට රේඩාර් ග්‍රාහක මඟහැර යා හැකිවා මෙන්ම අමෙරිකාවේ ප්‍රබලතම සහ බරැතිම බෝම්බ එල්ල කිරීම සඳහා ද යොදාගත හැකි වේ.

B-2 යානාවල තවත් විශේෂත්වයක් තමයි ඒවා න්‍යෂ්ටික අවි එල්ල කිරීමට පවා යොදාගත හැකිවීම.

ඉරානය හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයන් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදාවලට සහ අමෙරිකානුවන්ට තර්ජනය කළ හොත් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක පියවර ගැනීමට සිදුවන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පානෙල් සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ දැනටමත් සැලකිය යුතු හමුදා බලයක් ස්ථානගත කර ඇති අමෙරිකාව, ප්‍රහාරක ගුවන්යානා රැගෙන යා හැකි තවත් යුද නෞකා දෙකක් කඩිනමින් එහි යැවීමට කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ.

සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා දැඩි ප්‍රකාශයක් කළේය.

එහෙත් අමෙරිකාව සමග ඍජු සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් ඉරානය ද දැඩි ස්ථාවරයක පසුවේ. 

යේමනයේ හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාව මැදපෙරදිග කලාපයේ යොදවා ඇති B-2 ප්‍රහාර යානා යොදා ගෙනය.

එම යානා අමෙරිකාව සතු න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය වන රාත්තල් 30,000ක් බරැති GBU-57 බෝම්බ හෙළීම සඳහා යොදාගත හැකි බව ආරක්ෂක විශේෂඥයන් පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල කළහොත් අමෙරිකාව එම අති ප්‍රබල බෝම්බ වුව ද යොදාගත හැකි බව විශ්වාස කෙරේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka