gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොර වැඩ මාට්ටුයි... හිටපු මැති ඇමතිලා 22ක් ලැයිස්තුවේ!

හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

මුදල් ලබාගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22කට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

සිදුකරන විමර්ශන වලට අදාළව එම අරමුදලේ ගිණුමෙන් නිකුත් කළ චෙක්පත් පිළිබඳ විස්තර ලබාගැනීමට විමර්ශන නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (02) දින නියෝගයක් ලබාගැනීමට පියවර ගත්තේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka