gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සොයුරාත් බිරියත් හිරේ ගියා… මේවට හිනා වෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති වග නොදන්නා අයයි… චන්ද්‍රසේන කියයි

තම බිරිය සහ සොහොයුරා බන්ධනාගාරගත වීම නිසා තමන් කනස්සල්ලෙන් පසුවන බවත් මේ අධිකරණ තීන්දුව සම්බන්ධව සිනාවෙන්නේ කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති බව නොදන්නා පිරිස බවත් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසයි.

ඔහු ඊයේ අනුරාධපුරයේ දී මාධ්‍යයට කරුණු දක්වමින් පැවසුවේ මෙවැන්නකි.

සහෝදරයයි බිරිඳයි සිරගත විම පිළිබඳව මම ඉතාම කණගාටුවෙන් ඉන්නේ. එහෙම උනා කියලා මගේ දේශපාලන කටයුතු අතහරින්නේ නෑ. මම අධිකරණයේ ස්වාධීනත්වයට ඉතාම ගරු කරන පුද්ගලයෙක්.

ඊලඟට අපි මහාධිකරණයටත්, ඊලඟට ඇපිල් අධිකරණයටත් ගිහින් මේ වනවිට අපි සහනයක් ඉල්ලා තියනවා. මේ වගේ දෙයක් උනාම මම දැක්කා අපිව සම්ච්චලයට පත් කරනවා. විහිළු රකනවා. අවලාද නගනවා. දේශපාලනය කරනකොට සුළු සුළු අඩුපාඩුකම් යම් යම් අයගෙන් වෙනවා. ඒකට සමච්චලයට පත් වෙන්න අධිකරණ තීන්දුවක් දුන්නම හිනාවෙන්න සමච්චල් කරන එක වැඩක් නෙමෙයි. අෂ්ඨ ලෝක ධර්මයේ හැටියට සියලු දෙනාටම මේවට මුහුණ දෙන්න වෙනවා.

තව කතාවක් තියනවානේ. කොකාට වාරයයි නම් තිත්තයට දෙවාරයයි කියලා. ඒවා නොදන්න අය තමයි අපි සමච්චලයට පත් කරන්නේ. මේවා අපිට හොඳටම හුරුයි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka