gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“රනිල් අති දැවැන්ත ඝාතකයෙක් විකෘති මනසක් තිබෙන” අනිවාර්යෙන් දඬුවම්!

බටලන්ද වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව අනිවාර්යෙන් දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“ප්‍රධාන වධකයන්ට අනිවාර්ය වශයෙන්ම අධිකරණය මගින් දඬුවම් දෙනවා. ලෝකෙ ඉන්න හොදම නිලධාරින් ගෙනල්ලා හරි රනිල් වික්‍රමසිංහට විරුද්ධව නීතිය ඇතුලේ කරන්න පුළුවන් හැම පරීක්ෂණයක්ම කරලා ඒ මිනීමරුවන්ට ඔවුන්ගේ ජීවිතේ අවසාන කාලෙ හරි අනිවාර්යෙන් දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.

ප්‍රධානම මිනීමරුවන් නිදැල්ලේ සිටීමෙන් අපි කොච්චර සංහිදියා දෙයක් කළත් ඒක තහවුරු වෙන්නේ නෑ. මොකද මිනිමරුවන්. අර ගැහුණු දරුවෙක් දූෂණය වුණාම ඒ ස්ත්‍රී දූෂකයා හිරේට යනකම් ඒ ළමයගේ ආත්මයට සැනසීමක් නෑ. රනිල්ලා වගේ අති දැවැන්ත ඝාතකයෝ විකෘති මනසක් තිබෙන, මිනිසුන්ට හිරිහැර කරමින් මරපු, ඒවා වින්දනයට ලක් කරපු අමු වදකයෝ අනිවාර්යෙන් හෙළිදරව් කරලා රටේ ඉතිහාසය ලියන්න ඕන අපේ රටේ දරුවන්ට. මේ වගේ වධකයන්ට, මානසික රෝගීන්ට නැවත කිසි දිනෙක ලංකාවේ පබ්ලික් ඔෆිස් එකට එන්න නොදිය යුතුයි.”

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka