gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැයි මාසයෙන් පසුව රාජ්‍ය සේවයේ ලොකුම පුටු සෙලවෙයි!

රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරීන් වෙනස් වීමට සූදානම් නැතිනම් එම රාජ්‍ය නිලධාරීන් සහ එම ආයතන එළඹෙන මැයි මාසයෙන් පසුව වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. හැබැයි රාජ්‍ය සේවයේ නියැලෙන අය එයට සරිලන කාර්යයක් අපේ රටත්, අපේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතුයි.

මම ඊයෙත් අපේ රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරින් හම්බවුණ වෙලාවේදී කිවුවා, අපි මාස 06ක් කොමිෂන් සභා පිළිබදව, රාජ්‍ය සේවයේ උසස් නිලධාරින් පිළිබදව බලාගෙන හිටියා. ⁣අපි ගොඩක් වෙනස්කම් කලේ නෑ.

ඒ අපි හැමදෙනාටම වෙනස් වෙන්න කාලයක් දෙන්න ඕන. අපි එගොල්ලන්ට වෙනස් වෙන්න කාලයක් දීලා තියෙනවා. හැබැයි, එතුමලා හෝ එතුමලාගේ ආයතන ඒ වෙනස් වීමට සූදානම් නැත්තම් එතුමලත්, එතුමාලගේ ආයතනත් මැයි මාසෙන් පසුව වෙනස් කරනවා.

වෙනස් වෙන්න තාමත් සූදානම් නැති අය ඉන්නවා නම් එගොල්ලෝ වෙනස් විය යුතුයි. අපි ස්ථාවරයක ඉන්නවා. මේ රට ගොඩ නැගීම සදහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා.”

මහනුවර ජනතා රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka