gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බටලන්ද වාර්තාවල තියෙන්නේ පියානෝලගෙ වැඩ... පුතානෝලට නොතේරෙයි

බටලන්ද ඇතුළු කඳවුරුවල දුක් විදපු, මැරුණ, ගෙවල් ඇතුලේ සියදහස් ගණන් කඳුලු වගුරපු අපේ කාන්තාවන්ට, අපේ සහෝදරියන්ට, අපේ දරුවන්ට සාධාරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ සදහන් කළේ,

“අද අපේ රටට ඕන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වෙනුවෙන් තමා අපි සියලු දෙනාම මහන්සි වෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් යුද්දයක්, කිසිම කෙනෙක් හිරිහැරයකට පත්වන තත්වයකට අපි කවුරුත් කැමති නෑ. හැබැයි අපි දන්නවා මේ රටේ ඒ පියානෝලා හදපු වටපිටාව නිසා අද පුතානෝලට හා දුවානෝලටවත් හරියට තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා.

පියානෝල කරපුවා තමයි මේ වාර්තාවල තිබෙන්නේ. පියානෝලාට වැරදුණ තැන පුතානෝලට තේරුම් ගන්න බැහැ. දැන්වත් ඒක හරියට අල්ලගන්න. අපි එදා දේශපාලන පක්ෂයක් විදිහට අමාරුවෙන් දේශපාලනය කරලා සංවර්ධන සභාවල සැලකිය යුතු ජයග්‍රහණයක් ලබනවා.

ජනාධිපතිවරණයේදී අපේ රෝහණ විජේවීර සහෝදරයා සාම්ප්‍රදායක පක්ෂ පරද්දලා ඉදිරියට එනවා. මහ මැතිවරණ කල්දාලා ජනමතවිචාරණයක් පවත්වනවා. එහිදී සිදු වූ අක්‍රමිකතා වලට එරෙහිව අපි එදා අධිකරණයට ගියා. ඒ අතරේ තමයි 83 කළු ජුලිය ඇති කරලා, ජාතිවාදය ඇති කරලා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්නේ.

මේ සියලු කඳවුරුවල දුක් විදපු, මැරුණ, ගෙවල් ඇතුලේ සියදහස් ගණන් කඳුලු වගුරපු අපේ කාන්තාවන්ට, අපේ සහෝදරියන්ට, අපේ දරුවන්ට සාධාරණයක් වෙන්න ඕනි. ඒ සාධාරණයක් වෙන්න නම් අපි පාඩම් ඉගෙනගන තියෙන්නේ. එ පාඩම් ඉගෙනගන යුක්තියත් සාධාරණයත් මේ රටේ සියලු දෙනාටම වෙන්න ඕන.”

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සදහන් කළාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka