පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි... තොරතුරු රැසක් හෙළිවෙයි!
මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ,
“ඒ වගේම පහුගිය දවසක හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් CIDය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වෙලා තියෙනවා, ඔහු එයට සම්බන්ධ බවට. ඉතින් ඒ පිළිබදවත් විමර්ශන කරනවා.”
මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී.
පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධයි... තොරතුරු රැසක් හෙළිවෙයි!
2025-04-11T06:20:00+05:30
Gossip Lanka Hot News





