එදා ජවිපෙ ඉන්දියාවෙන් ජීවනි ගෙනා මහාචාර්ය ග්ලැඩියස් මරලා දැම්මා…. අද ඉන්දියාවෙන් සියලුම ඖෂධ ගේන්න ගිවිසුම් ගහනවා….! – මුජිබර් රහුමාන්…
ලංකාවේ රෝගීන් වෙනුවෙන් ඉන්දියාවෙන් ජීවනී ආනයනය කළේ යැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනි, මහාචාර්ය වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන 1989 වසරේ දී මරා දැමීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
එහෙත් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව ලංකාවට 80%ක් ඉන්දියානු ඖෂධ ගෙන ඒම සඳහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි ඔහු චෝදනා කරයි.
එදා ඉන්දියානු විරෝධයක් මතු කර මරා දැමූ මිනිසුන්ට අද දෙන උත්තරය කුමක් දැයි මුජිබර් රහුමාන් ප්‍රශ්න කරයි.
එහි දී ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ලංකාවට දැනටත් 80%ක් ඖෂධ ආනයනය කරන අතර ඉන් 85%ක් ඉන්දියාවෙන් ගෙන එන බවත් ගිවිසුම ඔස්සේ සිදුවන්නේ එය විධිමත් කිරීම පමණක් බවත් ය.
එදා ජවිපෙ ඉන්දියාවෙන් ජීවනි ගෙනා මහාචාර්ය ග්ලැඩියස් මරලා දැම්මා…. අද ඉන්දියාවෙන් සියලුම ඖෂධ ගේන්න ගිවිසුම් ගහනවා….! – මුජිබර් රහුමාන්…
2025-04-10T22:45:00+05:30
Gossip Lanka Hot News



.jpg)

