සිරි දළදා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන් නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට ඇතුල්වීම අත්හිටුවා තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ඔවුන් මහනුවර නගරයට ඇතුළුවීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවට දැනුම් දෙයි.
මෙම තීරණය ගන්නා ලද්දේ දැනටමත් මහනුවර නගරයට ලක්ෂ හතරකට ආසන්න පිරිසක් ඒකරාශී වී ඇති නිසා බවද හෙතෙම කියා සිටී.
