gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉරාජ්ගෙන් ලක්ෂ 500ක වන්දියක්?

සිය කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 50 ක වන්දි ඉල්ලා නළුවෙකු සහ යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් ඉරාජ් වීරරත්නට, එන්තරවාසියක් යවා තිබේ.

2025 පෙබරවාරි 23 වන දින “ඉරාජ් ෂෝ” යූටියුබ් නාලිකාවේ විකාශය වූ සජීවී විකාශනයක, ලිංගික අපකීර්තියක් සම්බන්ධයෙන් තිලකසිරි, ඔහුගේ කලත්‍රයා සහ වෙනත් අය පිළිබඳව අසත්‍ය සහ අසභ්‍ය ප්‍රකාශ ඇතුළත් කර ඇති බවට චෝදනා කරමින් නීතිඥ ප්‍රවීන සේනාධීර හරහා මෙම එන්තරවාසිය නිකුත් කර ඇත.

එන්තරවාසියේ දැක්වෙන්නේ අදාළ වැඩසටහනේ අන්තර්ගතය ඔස්සේ හිතාමතාම තමාට අවමන් කිරීමට අදහස් කර ඇති බවත්, සිය පෞද්ගලික සහ වෘත්තීය කීර්තිනාමයට දැඩි ලෙස හානිකරමින් දැවැන්ත මහජන විරෝධයක් ඇති කර ඇති බවයි.

විකාශනයේ ප්‍රවර්ධන ට්‍රේලරය වැඩිහිටි අන්තර්ගත තේමාවන් භාවිත කරමින් තිලකසිරිට සමච්චල් කර ඇති බවත්, රජය වෙනුවෙන් ‘රෙදි සෝදන යන්ත්‍රයක්’ ලෙස නිරූපණය කර ඇති බවත් ලිපියේ තවදුරටත් සඳහන් වේ.

විකාශනයෙන් පසු සිය කලත්‍රයා මානසිකව කම්පනයට පත් වූ බවත්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් එහි දක්වා ඇති අතර තිලකසිරි ඉල්ලා සිටින්නේ අදාළ සියලුම අන්තර්ගතයන් සමාජමාධ්‍ය වේදිකාවලින් ඉවත්කරන ලෙසත්, කීර්තිනාමයට සිදු වූ හානිය සඳහා වන්දි ගෙවන ලෙසත්ය.

ඉල්ලීම් ඉටු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවද එහි වැඩිදුරටත් දක්වා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka