gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

සිරස සටනට ආ නලු බට්ටෙක් මැදිරිය තුළ වෙඩි තබලා!

සිරස සටන වැඩසටහනේදී මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළේය. ඒ පසුගිය මහමැතිවරණයට පෙර දිනයක පැවැත්වූ සිරස සටන දේශපාලන වැඩසටහනට සම්බන්ධ වූ දේශපාලන පක්ෂයක අපේක්ෂකයයෙකු විසින් එම වැඩසටහනින් පසුව ඇතිවූ කෝපය හේතුවෙන් සිය ඉනේ සඟවාගෙන පැමිණි සෙල්ලම් පිස්තෝලයකින් මැදිරිය තුළදී වෙඩි තැබූ බවයි.

ඔහුගේ මානසික තත්ත්වය ගැන සානුකම්පිතව සලකා ඔහු මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයයෙකු වූ බැවින්, එම ප්‍රශ්නය දුර දිග ගෙන නොගිය බවත් ඔහු පැවසීය.

පිස්තෝල සංස්කෘතිය සම්බන්ධයෙන් හිටපු පා.ම සංජීව එදිරිමාන්න මහතා සමඟ ඇතිවූ උණුසුම් තත්වයක් අතරතුර පිළිතුරු දෙමින් සුරංග මේ බව අනාවරණය කළේය.

එවැනි මනෝභාවයක් සහිත පුද්ගලයන් විසින් ගිනි අවි අවශ්‍ය බවට ඉල්ලා සිටීම කෙතරම් භයානකද යන වගත් එදා ඔහු සතුව ජීව පිස්තෝලයක් තිබුනේනම් නිසැකවම වෙඩි තබනා බවත් සුරංග එම වැඩසටහනට සහභා වූ ඇමති නලින්ද ජයතිස්ස මහතා හමුවේ අවධාරණය කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka