gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

වැල් පාලමෙන් රට එගොඩ කර මුදල් ලේකම් යයි... ජාත්‍යන්තරයේ ලොකු තනතුරක් ලෑස්තියි!

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එම ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ තනතුරක සේවය සඳහා යෑමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතුළත් වී තිබෙන විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තුළ ඒ මහතා සිය කාර්යභාරය සිදු කළේය.

මහින්ද සිරිවර්ධන මහතා මහ බැංකුවේ වසර 30කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

එහි නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යන ප්‍රධාන තනතුරු දරා ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය යන කලාප සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස සිරිවර්ධන මහතා පසුගිය 2017 ජූලි සිට 2019 ඔක්තෝබර් දක්වා කාලය තුළ සේවය කර තිබේ.

එසේම 2010 ඔක්තෝබර් සිට 2015 අප්‍රේල් දක්වා මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස සේවය කර ඇත.

ලංකා බැංකුව, ලංකා වාණිජ බැංකුව පී.එල්.සී; ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීය ඇතුළු ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල හා භාණ්ඩාගාර නියෝජිතයකු ලෙස ඔහු සේවය කර ඇත.

එසේම ඇමරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍ර වේදී විශේෂ උපාධියක් ඒ මහතා ලබා ඇත.

සචිත්‍ර පෙරේරා
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka