2020 වකවානුවේ දී රාජපක්ෂ රජයේ මුදල් ඇමතිවරයා විසින් සියයට 25ක කොමිස් මුදලක් ලබා ගැනීමට කළ උත්සාහයක් නිසා පොදු රාජ්‍ය මණ්ලය ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් ලක්ෂ හැට දහසක නිවාස ආධාර මුදලක් ලංකාවට ලබා ගැනීමට නොහැකි වූ ආකාරය පසුගිය දා පැවති පොදුර රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් හමුවකදී එම කණ්ඩායමේ සභාපතිවරයා තමන්ට වගකීම් සහිතව හෙළි කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න කුරුණෑගල පැවති ජන රැළියක දී හෙළිදරවු කළේය.
ඔහු කීවේ මෙවැනි උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකි බවය. ඔහු එම ජන රැළිය අමතමින් මෙසේ ද කීවේය.
“ගිය සඳුදා මම සාකච්ඡා තුනකට සම්බන්ධ වුනා. පොදුරාජ්‍ය මණ්ඩලයේ ජාත්‍යාන්තර නියෝජිතයන් එක්ක. රටවල් 56ක නියෝජිතියින්. මෑත ලංකාවේ ආණ්ඩුත් එක්ක ඒ ගොල්ල වැඩ කරලා නෑ. වැඩ නොකරන්න හේතුව මොකක්ද ?. කොමිස්. මේක තමයි තත්ත්වය.”
“මේ කොමිස් ගැහිල්ල කොච්චර ද කිව්වොත් එහෙම ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ දූත පිරිසේ සභාපති ඩොක්ටර් අම්රි… එයා වගකීම් සහිතව කිව්වා … 2020 දි අපට හම්බවෙනවා ආධාරයක්, ඩොලර් මිලියන 20ක්… රුපියල්වලින් දළ වශයෙන් ගත්තොත් ලක්ෂ හැට දාහක්.”
“මේ මුදල අපට ලැබෙන්නේ ආධාරයක් විදිහට. නිවාස ආධාරයක්. ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න. ගෙවල් බාගෙට හදපු කට්ටියගේ ගෙවල් සම්පූර්ණ කරන්න. මේ ලක්ෂ හැට දාහම ආපහු ගියා. ආපහු යන්න හේතුව මොකක් ද?. කොමිස්…”
“සියයට විසිපහක කොමිෂන් එකක් ඉල්ලනවා. කවුද ඉල්ලන්නේ… කපුටු කාක්. මේක තමයි තත්ත්වය මේ වගේ උදාහරණ ඕන තරම් තියනවා කියන්න.”
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පැවසුවේය.