ජනාධිපතිවරයා ස්වාධීන අල්ලස් කොමිසමට එන ලිපි ලේඛන නිරීක්ෂණය කරන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණ ගිය පසු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසින්ම සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින ලද පොදු තොරතුරක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය උපුටා දක්වමින් “මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්දැ”යි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.
“අල්ලස් කොමිසමට ඇවිත් ගියාට පස්සේ හිටපු ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරලා තිබුණා.”
“ඇත්තටම අල්ලස් කොමිසම ඔහුට කැඳවීමක් කළාට පස්සේ අප්‍රේල් මාසයේ 11 වැනිදා ඔහුම තමන්ගේ සමාජ මාධ්‍යවල ගිනුම්වල සඳහන් කරනවා 11 වැනිදා එන්න විදිහක් නෑ. 17 වැනිදා අල්ලස් කොමිසමට එන්න තියෙන්නේ කියලා. ඔහුම තමයි 11 රාත්‍රියේම කියන්නේ ඔහුට යළිත් 17 වැනිදා අල්ලස් කොමිසමට එන්න දැනුම් දීලා තිබුණා කියලා.”
“මම හිතන්නේ මේක පොදු තොරතුරක්. ජනාධිපතිවරයා දන්නෙත් එතැනින්ම තමයි. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඔහුම කියපු දේ අමතක වෙන්න ඇති. ඒක වෙන්න පුලුවන්. එහෙම නැතිව මේ තොරතුර අල්ලස් කොමිසමෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්න එක්ක නෙමෙයි. 11 වැනිදා රාත්‍රී වනවිට සියලු දෙනා දන්නවා 17 වැනිදා කැඳවීමක් තිබුණා කියලා. ” කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.
-lankasara