gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්දු ලංකා ගිවිසුමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කඩයි…. ව්‍යාපෘති නිලධාරීන්ට සදාකාලික ජනාධිපති මුක්තිය දෙයි…!

ජාතික ජනබලවේගය ආණ්ඩුව අභිනවයෙන් අත්සන් කිරීමට යෙදුණු ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට, ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත්, ව්‍යාපෘතිය සම්බන්ධ කරුණුවලට නඩු ප නොහැකි මුක්තියක් ලබා දී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඒ මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට ලබා දුන් මූලික මිනිස් අයිතිවාසිකම අදාළ ගිවිසුම් වගන්තියෙන් අමු අමුවේ උල්ලංඝණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල අද (28) මේ බව සඳහන් කර සිටියේ සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී හිටපු මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“අපි පසුගිය සතියේ ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමාගේ වචනවලින් කියනවා නම් හොර ගිවිසුම් හතෙන් දෙකක් ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම් හෙළි කළාට පස්සේ ඒවායේ අන්තර්ගතය පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරිම තමයි අපි බලාපොරොත්තු වුණේ. අපිම ඒ සංවාදය පටන් ගැනීම හොඳයි කියලා තීරණය කලා.

තෙල් නළය එලීමේ සහ තෙල් ටැංකි සංවර්ධන කිරීමේ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමේ 7.2 (viii) වගන්තියෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ කරන්න එන ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණුවලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දෙනවා. දැනට එහෙම මුක්තියක් ලංකාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඒ වගේම විදුලි රැහැන් ඇදීමේ ද්විපාර්ශ්වීය ගිවිසුමේ හත්වන වගන්තිය ලෙස ඒක එහෙම්මම තිබෙනවා.

ඉන්දියානුවන්ට විතරක් නොවේ ඒ අයගේ නියෝජිතයින් ලෙස වැඩ කරන දේශීය අයට එරෙහිවත් නඩු පවරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් පවා කිසිවෙකුටත් නඩු පවරන්න බෑ.

අපිට මතකයි. මන්නාරමේ අදානි සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ පරිසරවේදීන් අදානි සමාගමට එරෙහිව නඩු පැවරුවා. එවැනි නඩු පැවැරීමක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන්න බෑ විතරක් නෙමෙයි පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරිම පිළිබඳවත් මේ ගිවිසුම් දෙකෙම කිසිම සඳහනක් නෑ. එතනම පරපතල පරිසර ප්‍රශ්නෙකුත් ඇති කරලා තියෙනවා.

ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කළොත් නඩු පවරන්න බැරි වෙනවා. ව්‍යාපෘතියෙන් අසල්වැසි ජනතාවට සිදු වන හිරිහැරවල දී ජනතාවට අසරණව ඒවා විඳ දරා ගන්නයි වෙන්නේ. ලංකාව තුල කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට ලබා දුන් මූලික මිනිස් අයිතිවාසිකම මේ වගන්තියෙන් අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. ජනමත විචාරණයකින් තෙරව වෙනස් කළ නොහැකි වගන්තියක්‍ ලෙසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තිය සලකන්නේ. එවැනි වගන්තියක් උල්ලංඝනය වන ආකාරයටයි ආණ්ඩුව ගිවිසුම්වලට එළඹිලා තියෙන්නේ. එහෙනම් ‍මේ ගිවිසුම් නීති වීරෝධී ව්‍යවස්ථා විරෝධී කියන්න ඊටත් වඩා කරුණු අවශ්‍ය වෙන්නේ නෑ.”
-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka