gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

විජේවීර ඝාතනයට තෝරාදෙණිය සම්බන්ධ බව කීම තහනම් - අධිකරණයෙන් වාරණ නියෝගයක්!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සම්බන්ධ බවට ඉන්ද්‍රනන්ද සිල්වා මහතා සිදු කරන ප‍්‍රකාශයන් සදහා අධිකරණයේ පිහිටු පැතු බව විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා පවසයි.

විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙම චෝදනා එල්ල කරන නිසා තමන්ටත් තම දරු පවුලටත් එල්ල වන දැඩි තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බවත් හෙතෙන සදහන් කලේය.

අදාල ඉල්ලීම සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තොරදෙනිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක්  නිකුත් කර ඇත.

ඉන්ද‍්‍රාන්නදද සිල්වා නැමැත්තාට එරෙහිව මෙම කොන්දේසි සහිත වාරණ නියෝගය නිකුත් කලේ ලබන අප්‍රේල් 30 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදිය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka