gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිල්ලෙයාන් කවුද?

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වයස අවුරුදු 16දී (1990) LTTE ට බැදෙන අතර ඔහු 1990 වසරේ සිට 2004 වසර දක්වා LTTE ත්‍රස්තවාදි සංවිධානය වෙනුවෙන් මිනිමැරූ අයෙකි.

2004 වසරේදී පිල්ලෙයාන් LTTE ය අතහැර දමා කරුණා අම්මාන් පාර්ශ්වයට එකතු වු අතර අනතුරුව දේශපාලනයට පිවිස 2008 – 2012 වෙනකම් නැගෙනහිර මහ ඇමති ලෙස කටයුතු කළේය.

2020 වසරේදි බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන් 2020 මහ මැතිවරණයේදී මඩකලපුවට තරඟ කර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය.

අනතුරුව වැඩබලන ජනාධිපති ධුරට පත් වු රනිල් වික්‍රමසිංහ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය පිල්ලෙයාන්ට ලබාදීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් 2015 වසරේදී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් එවකට නැගෙනහිර පළාත් මහ ඇමතිව සිටි පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව පිල්ලෙයාන් අවුරුදු 05ක් රක්ෂිත බන්ධනාගාරයේ සිටින අතර 2019 වසරේදී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පිල්ලෙයාන් එක්ක තව කිහිප දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කරනවා.

පිල්ලෙයාන්ට එල්ලවන චෝදනා මොනවාද.?

2005 වසරේ දෙසැම්බර් (25) වැනිදා රාත්‍රියේ මඩකලපුව කිතුණු දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වෙමින් හිටපු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව.

ප්‍රධානම චෝදනාව වන්නේ, මහාචාර්ය සිවසුබ්‍රමනියම් පැහැරගෙන අතුරුදන් කිරීම.

තවද 2019 වසරේ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලැයිස්තුවේ පිල්ලෙයාන්ගේ නම උඩින්ම තිබීම.

කෙසේ වෙතත් දින 90 රැඳවුම් නියෝග මත පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka