සිරි දළදා වන්දනාවට පැමිණි පිරිසෙන් 270ක් අද උදේවනවිට රෝහල්ගත කරලා… එක් මරණයක් වාර්තා වෙලා!
උතුම් දළදා වන්දනාව සඳහා මහනුවරට අද 23 උදේ දක්වා පැමිණි පිරිස අතරින් 270 දෙනෙකු විවිධ රෝගාබාධ මත රෝහල් ගත වූ බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු පවසයි. පෝලිමක රැඳී සිටි වයොවෘද්ධ පුද්ගලයෙකු මිය ගිය බවද ඇය සඳහන් කළාය.
ආරම්භක දිනයේ සිට දිනකට තිහකට වැඩි සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර ඉන් වැඩි දෙනෙක් විජලනය හේතුවෙන් ඇතිවූ
සිහිසුන් වීම් මත ප්‍රතිකාර සඳහා පැමිණි බවද ඇය සඳහන් කළාය.
ප්‍රතිකාර සඳහා පැමිණි වැඩිහිටි පිරිස හා වයෝවෘද පිරිස් තමන්ගේ නිදන්ගත රෝග මත ඇති වූ සංකූලතා හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණි අය බවද ඇය කියා සිටියාය.
-lankasara
සිරි දළදා වන්දනාවට පැමිණි පිරිසෙන් 270ක් අද උදේවනවිට රෝහල්ගත කරලා… එක් මරණයක් වාර්තා වෙලා!
2025-04-23T21:53:00+05:30
Gossip Lanka Hot News






