gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘ආණ්ඩුවට මාස හයක් නෑ.. මුන් කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා…’ – ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට..

සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් හෝ විදෙස්ගත වෙනත් අපාරාධ ජාලයක සැලසුමක් යයි සැක පළ වී ඇත. ඩෑන් ප්‍රියසාද් පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් ඇතුළු සංවිධාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව කටයුතු කර තිබීම ඊට හේතුවක් වී ඇත.

ඩෑන් ප්‍රියසාද් මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම අපරාධකරුවන්ට එරෙහි විරෝධතාවක්ද පවත්වා තිබිනි.

ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් ඩෑන් ප‍්‍රියසාද් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කර ඇත.

මේ අතර ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළේ තමන් යැයි පාතාළ නායක කංජිපානි ඉම්රාන් විසින් පවසන බව කියන තහවුරු නොවූ හඬ පටහක් සමාජ ජාලයන්හි සංසර්ණය වේ.

එහි තවත් පුද්ගලයෙකු හා සිදුවන්නේ මෙවන් සංවාදයකි.

‘ඕක කතා කරලා වැඩක් නෑ මුන් මහ කාලකන්නි. මුන් රජයටත් බරයි. ගෙදරටත් බරයි. බල්ලෙක් මැරුණාම අහන් එන්න එපා මැරුවාද නැද්ද කියලා. බල්ලෝ තියන්න නරකයි. වේලාසන ඇරලා දාන්න ඕන.

ආණ්ඩුවක් අරන් තව මාස හයක් නෑ. මුන් කරන්න දෙනවාද නෑ. ජනාධිපතිතුමාට අපහාස කරනවා. ජනාධිපති පුටුවේ මම වගේ එකෙක් හිටියා නම් … කරන්නේ වෙනයි. ඉන්න ජනාධිපතිතුමා හොඳ හින්දා මුන් වැඩියෙන් දඟලනවා.

මේ ජනාධිපති තියාගෙන මට ලාබත් නෑ. පරණ මිනිහා මට පාඩුත් නෑ. මං හම්බ කරන් මං කෑවේ’

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka