gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පුද්ගලයින් 11 අතුරුදහන් කිරීම – කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරු මඩුල්ලේ දෙදෙනෙක් ඉවත් වේ!

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් අද දැනුම් දුන්නේය.

මෙසේ ඉවත් වූයේ දිලීප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු වරුන්ය.

2008 වසරේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් එකල නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත් කරගැනීම සඳහා නීතිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් මෙම අභියාචනා පෙත්සම ගොනු කරනු ලැබුවේ අතුරුදහන් වූ තරුණයින්ගේ ඥාතීන් විසිනි.

පෙත්සම අද කැඳවනු ලැබුවේ දිලීප් නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය. එහිදී පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දිලීප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ප්‍රකාශ කළහ.

ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka