උතුරේ පුරාවිද්‍යා ස්ථාන හින්දුකරණ සැලසුමක්.. බෞද්ධ ලේබලයට ආණ්ඩුවෙන් තහනමක්….!
උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන බෞද්ධ හෝ හින්දු හෝ යනුවෙන් හැඳින්වීම නතර කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ගෙන්වා ආණ්ඩුවේ ඉහළම ප්‍රධානියකු විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
එහෙත් කිසිදු හින්දු පුරාවිද්‍යා ස්ථානයක් අභියෝගයට ලක්ව නොමැති බවත් විවිධ හින්දු ආගමික ප්‍රතිමා තබමින් අභියෝගයට ලක් කරන්නේ බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි.
මේ අනුව උතුරු නැගෙනහිර ඉපැරණි බෞද්ධ විහාරයක නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන මින් මතු බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කළ නොහැකි බවත් මෙය එම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීනව හින්දුකරණය කිරීමේ සැලසුමක් බවත් විමල් වීරවංශ අනතුරු අඟවයි.
ඊයේ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
-emanisa
උතුරේ පුරාවිද්‍යා ස්ථාන හින්දුකරණ සැලසුමක්.. බෞද්ධ ලේබලයට ආණ්ඩුවෙන් තහනමක්….!
2025-03-28T21:28:00+05:30
Gossip Lanka Hot News






