gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගහපු ගමන් – නාගසලං …. කසිප්පු ප්‍රිය ජනතාව කසිප්පුවලින් බේරගන්න යෝජනා වී ඇති අලුත් අරක්කු බෝතලයක මධ්‍යසාර ප්‍රතිශතය සියයට 85ක්!

කසිප්පු ප්‍රිය ජනතාව කසිප්පුවලින් බේරා ගැනීම සඳහා ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතිය සහතික කරමින් සියයට 85ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිත නව මධ්‍යසාර පාන වර්ගයක් හඳුන්වා දීමේ යෝජනාවක් ද සමගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එම කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ රටේ සාමාන්‍ය මත්පැන් පරිභොජනය මිලියන 90ක් වන අතර ඉන් තුනෙන් එකක්, එනම් ආසන්න වශයෙන් ලීටර මිලියන30-35 අතර ප්‍රමාණයක් කසිප්පු බව එම වාර්තාව විසින් දක්වා ඇත.

සුරාබදු ආදායම වැඩි කරගැනීම සඳහා පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩිපුරම පරිභොජනය කරන කාලේ බෝතලය සියයට 25ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව අරක්කු නිශ්පාදනය කිරීමේ සැලැස්මක් ද ඊට අන්තර්ගත කර තිබේ.

මේ නිශ්පාදන සඳහා දැනට වෙළෙඳපල ඉල්ලුමක් නැති පැලවත්ත සහ සෙවනගල ස්කාගාරවල නිශ්පාදනය කරන මොලැසස් ස්ප්‍රීතු භාවිතයට ද යෝජනා වී ඇත.

විශේෂත්වය වන්නේ මුදල් කාරක සභාවේ යෝජනාව වී ඇත්තේ මත්පැන් බදු තවදුරටත් වැඩි නොකළ යුතු බව වීමය. ඔවුන් යෝජනා කරන්නේ මත්පැන් බදු වැඩි කළහොත් කසිප්පු භාවිතයට බෙබදු ප්‍රජාව වැඩි වශයෙන් යොමුවන බවය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka