gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමා මන්ත‍්‍රීලා වැටුප් ගන්නෑ... පක්‍ෂ අරමුදලට දාලා ඒකෙන් චුට්ට චුට්ට ගන්නවා - වාදපිටිය ඇවිලේ!

ජාතික ජනබල වේග කිසිදු මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

ඒ දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

ඊට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම මත පළ කරද්දී ඔහු කියා සිටියේ තම මන්ත්‍රීවරුන් සිය වැටුප් පක්ෂයේ පොදු අරමුදලකට බැර කරන බවයි.

ඉන් පසු අවශ්‍යතාවය පරිදි එම අරමුදලෙන් යම් දීමනාවක් ලබාගන්නා බවද ඔහු පැවසුවේය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වැටුප නමින් නොව දීමනාවක් හෝ මොනයම් ආකාරයකින් හෝ මහජන බදු මුදල් ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන්ද පරිහරණය කරන බවයි.

එම සංවාදය වාද පිටිය ඉතා උණුසුම්කාරී තත්ත්වයකට ගෙන ආවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka