ඇමති බිමල්ට එරෙහිව නි. ආරක්‍ෂක ඇමති
පාදෙණිය ප්‍රදේශයේදී කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානය පිළිබඳව පරීක්‍ෂණ කමිටු වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
එම වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර කියා සිටියේ මෙම යානය කඩා වැටුනේ යානයේ දෝෂයක් නිසා නොව පුහුණු වූ ගුවන් නියමුවන්ගේ අත්වැරද්දක් හේතුවෙන් බවය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු ගුවන් හමුදාවද මාධ්‍ය වෙත සඳහන් කළේ අදාළ අනතුරේ වාර්තාව මෙතෙක් පරීක්ෂණ කමිටුව විසින් ලබාදී නොමැති බවයි
ඇමති බිමල්ට එරෙහිව නි. ආරක්‍ෂක ඇමති
2025-03-26T10:31:00+05:30
Gossip Lanka Hot News






