Octopussy නයිට් ක්ලබ් ගුටිකෙළියට හේතුව සාශාගේ කට?
යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොම්පඤ්ඤවීදිය පොලිසියට මේ ගැටුමට සම්බන්ධවී ඇතැයි පැවසෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ බිරිඳ නිතිෂා ජයසේකර පැමිණ ඇත්තේ වෙනම මෝටර් රථයකින් බව අනාවරණය වී ඇත.
එසේම, යෝෂිත එම රාත්‍රී සමාජ ශාලා ආරක්ෂකයින් ලබාදුන් අත් පළඳනාව පැළඳ ඇති බවත්, ඔහුගේ බිරිඳ එය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් අදාළ ස්ථානයට ඇතුළු නොවී පිටව ගොස් ඇති බවත් හෙළිව තිබේ.
කෙසේවුවද, මෙම සමාජ ශාලාවේ අයිතිකාරිය යැයි කියන යෝෂිත හා පිරිසට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති සාශා ජයසුන්දර නැමැත්තිය හා පැමිණි පිරිස අතර සිදුවූ බහින්බස්වීම මේ ගැටුමට හේතුවී ඇති බව වාර්තා වේ.
Octopussy නයිට් ක්ලබ් ගුටිකෙළියට හේතුව සාශාගේ කට?
2025-03-26T10:40:00+05:30
Gossip Lanka Hot News






