gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ - හඳුන්නෙත්ති

රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායකට හෝ කැබිනට් මණ්ඩලට ඇති උනන්දුවකින් පමණක් රට වෙනස් කල නොහැකි බවද ඔහු කියා සිටී.

ජනාධිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ඇති උනන්දුව රාජ්‍ය සේවයේ සියලු දෙනාටම ඇතිවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ දේ සිදු කිරීමට සියලු දෙනාම සාමූහික ප්‍රයත්නයකින් මැදිහත් විය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka