gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම කැළඹු ඝාතනයේ තීරණාත්මක දිනය අදයි!

අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව අද (07) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර ඇත.

බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බව වාර්තා වේ.

අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇති අතර අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka