gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් සංචාර වියදම් හෙළිදරව්ව ගැන මෛත්‍රී අවුලෙන්!

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (06) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වසර 5ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක් වියදම් වී ඇති බවට පෙනී ගියද  ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවය.

– උපුටා ගැනීම –

වසර 5ක කාලය තුළ මා විසින් රුපියල් මිලියන 384ක මුදලක් වියදම් වී ඇති බව පෙනෙන අතර ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලසීමාවෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කණගාටුවට කරුණකි.

2015 වර්ෂයේ මා බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ බලවත් රටවල් සමඟ විදේශ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. ඒ සියල්ල යළි යථා තත්ත්වයට පත් කරමින් විදේශ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර විදෙස් සමුළුවලට මා සහභාගී වූ විට විදෙස් රටවල රාජ්‍ය නායකයින් මා අසලටම පැමිණ මා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට තරම් ඒ වන විට ශක්තිමත් විදේශ සබඳතාවයක් ඇති කර ගැනීමට මාගේ ධූර කාලය තුළ හැකිවිය.

සිය පාලන කාලය තුළ සිදුවූ විදෙස් සබඳතා පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයෙන් මෙලෙස විස්තර කර තිබෙනවා.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka