gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහිත කලබල වෙයි – කළුතර මනාප යළි ගණන් කරන්න ඉල්ලූ රාජිතගේ පෙත්සමට සුප්‍රීම් උසාවිය අවසර දෙයි!

පසුගිය මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන් ලබාගත් මනාප යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා විභාගයට දින නියම කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයන්, කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, එම මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ රෝහිත අබේගුණ්වර්ධන සහ නීතිපතිවරයා නම්කර තිබේ.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා හේතුවෙන් තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අහිමි වූ බව රාජිත සේනාරත්න පවසයි.

තමන් සහ තේරී පත් වූ මන්ත්‍රීවරයා අතර මනාප වෙනස ඡන්ද 119ක් පමණ වන බව පවසන ඔහු අවසන් ප්‍රතිඵලයට බලපෑවේ මෙම අක්‍රමිකතා බවටද තර්ක කරයි.

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ, තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබාදෙන ලෙසත්, ප්‍රතිඵල නැවත ගණන් කිරීම සහ සංශෝධිත ප්‍රතිඵල සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka