gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෞද්ධ රටේ ප්‍රධාන ආගමික නායකයා කාදිනල් නෙමෙයි… මහානායක හාමුදුරුවෝ…! – රනිල්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායකයන් වන්නේ බෞද්ධ මහා නායක ස්වාමීන් වහන්සේලා බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගියදා අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

“බහුතර බෞද්ධයන් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායකයන් ලෙස අපි සලකන්නේ මහ නායක හාමුදුරුවෝ. කාදිනල් හෝ වෙනත් ආගමික නායකයන් සිටින්නේ ඊට යටින්.”

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ අසාර්ථක බවට කතෝලික ආගමික නායකයන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කමිටුවේ නිගමනය පිළිගැනීමට කාදිනල් හිමිපාණන් අකමැති බවයි.

කෙසේ වෙතත් කමිටු නිර්දේශය පිළිගැනීම පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් වන අතර එය කාදිනල් හිමිපාණන්ට අදාළ දෙයක් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. කතෝලික පල්ලියේ දේශපාලනය පිළිබඳ තමන් දන්නා බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර 2022 වසරේ අරගලයේදී නීතිය හා සාමය රැක ගැනීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාවක් සිදුකරන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේ දැයි හිටපු ජනාධිපතිවරයාගෙන් මෙහි දී විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ලෙස තමන් පත්වූ විට රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.

කැරලිකරුවන් පාර්ලිමේන්තුව අත්පත්කර ගැනීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka