ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (08) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කර ඇත.
“ජාතික ජන බලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි.”
“සියලු කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ” තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව ජනාධිපතිවරයා සිහිපත් කරයි.