පරාජයට පෙර රට අරාජික කිරීමට තැත් කළ කුමන්ත්‍රණයක් එළියට!
පසුගිය (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වූ දොඩම්පහළ රාහුල හිමියන්ගේ ප්‍රකාශයක් සමාජය තුළ මතභේදාත්මක තත්වයක් ඇති කර තිබේ.
ඒ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තෙල් ගෙන්වීම නැවතීම සඳහා අදාළ ණය වර ලිපි විවෘත නොකරන ලෙස හිටපු ජනාධිපතිවරයාට දොඩම්පහළ රාහුල හිමියන් ඇතුළු කණ්ඩායම උපදෙස් ලබාදුන් බවට උන්වහන්සේම සිදුකළ අනාවරණයත් සමඟයි.
එහිදී රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ එසේ පැවසුවද රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස නොගත් බවත්. මාස 6කටවත් ප්‍රමාණවත් තෙල් සංචිත පවත්වාගත යුතු බව ඔහු පැවසූ බවත් ය.
“අපි නම් ඉතින් යටින් කිව්ව සර් තෙල් ගෙන්වන්න ඕනෙ නෑ.. LC අරින්න එපා පොඩ්ඩක් අපි බලමු මොකක් හරි කියලා.. නමුත් එතුමා කිව්ව නෑ හාමුදුරුවනේ මාස හයකටවත් පුරවන්න තෙල් ටික, මාස තුනකටවත් ඉදිරියට LC අරින්න ඒ විතරක් නෙවේ අනිත් ක්‍රියාමාර්ග හැම එකක්ම ශක්තිමත්ව ගන්න ඕනේ කියලා”
පරාජයට පෙර රට අරාජික කිරීමට තැත් කළ කුමන්ත්‍රණයක් එළියට!
2025-03-26T13:58:00+05:30
Gossip Lanka Hot News






