ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක වාදන ශිල්පියකුගේ බිරිඳකට පුත්තලම ප්‍රදේශයේ දේශපාලනඥයකුගෙන් ජිවිත තර්ජන එල්ල වීම මත රට හැර ගොස් තිබේ.
ඇයගේ මව්පියන් පදිංචිව සිටින නිවසට ද පසුගිය දිනවල නාඳුනන මැර පිරිසක් පැමිණ ඇය පිළිබඳ තොරතුරු විමසා තිබෙන බවද පැවසෙයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට ද ඇයගේ මව්පියන් කටයුතු කර නැත.
අදාල කාන්තාව මෙරට සිටියදී මෙම දේශපාලනඥයාගේ තවත් හිංසනයකට ද ගොදුරු වී ඇත.
2023 වර්ෂයේදී මෙම සිද්ධිය වාර්තා වී තිබූ අතර දේශපාලනඥයා සිය දේශපාලන බලය පාවිච්චි කරමින් අදාළ සිද්ධිය යටපත් කර ඇති බවටත් චෝදනා එල්ල වෙයි.