නිවාසවල වහලවල් මත සවිකරණ සෝලා පද්ධති වලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ලද මුදල අඩු කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඊට අදාළ නිර්දේශ ඇතුළත් කැබිනට් පත්‍රිකාවත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ නිර්දේශවලට අනුව ඉදිරි සකසා ඇති මෙම කැබිනට් පත්‍රිකාවේ නව සංශෝධන අනුව සෝලා එක්කයක් සදහා ගෙවන මිල රුපියල් 19ක් දක්වා අඩු කිරීමට නියමිතව තිබේ.
කිලෝවොට් 20ට අඩු සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක්, කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධති ඒකකයකට රුපියල් 17ක්, කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධති සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇත.
මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් නව මිල ගණන් ක‍්‍රියාත්මකය.
අදානි සමාගම විසින් සිය සුලං විදුලි ඒකකයක් සදහා ඉල්ලා සිටින මිල ඩොලර් ශත අටක් වන අතර නව සංශෝධන අනුව සෝලා ඒකකයකට ගෙවන උපරිම මිල ඩොලර් ශත හයකි.
