gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරුවෙන් පාර්ලිමේන්තුව මුදවාගන්න නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට රජය පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, පාර්ලිමේන්තුව තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට විරුද්ධ වන සියලුදෙනා යෝජනාවට සහාය දක්වනු ඇති බවයි.

“පාර්ලිමේන්තුව තුළ අසීමිත ලෙස අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතිනවා. ඒ ලබා දී ඇති වරප්‍රසාදය නිසා. මෙම වරප්‍රසාදය ලබා දී ඇත්තේ ජනතාවගේ ගැටළු විසඳීමට මිස බොරු ප්‍රචාරය කිරීමට නෙවෙයි. මෙය වෙනස්විය යුතුයි. එය අනිසි ලෙස භාවිත කරනවා නම් සහ එය නැවත්වීමට රජය පියවර නොගන්නේ නම්, තත්වය නිවැරදි කිරීම සඳහා මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එනවා.

මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ බොරු කියන එකට විරුද්ධ වෙනවද කියල බලමු. අපි ඇත්ත කතාකරනවා නව නම්, අපට එවැනි වරප්‍රසාදයක් අවශ්‍ය වෙන්නේ නෑ.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka