gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරුදන් වු දේශබන්දු අද මතුවෙයි?

මේ වනවිට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රැඳී සිටි බවට තොරතුරු වාර්තා වූ කොළඹ, ගිරිඋල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 10ක් පරීක්ෂා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම නිවාස පරීක්ෂා කළද ඒ වන විටත් දේශබන්දු තෙන්නකෝන් එම නිවෙස් වල නොසිටි බවත් ඔහු වෙනත් ස්ථානයක සැගවී සිටින බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළ අතර විදේශගත වීම වළක්වාලමින් දේශබන්දුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

මේ අතර දේශබන්දුට එරෙහිව ගෝල්ෆේස් නඩුව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව, අරගලය සමයේ ජනාධිපති මන්දිරයෙන් සොයාගත් රුපියල් ලක්ෂ 180කට ආසන්න මුදල සාවද්‍ය පරිහරණයට අනුබල දීමේ නඩුව ඇතුළු තවත් නඩු කිහිපයක් ඇත.

මේ අතර දින කිහිපයක් අතුරුදන්ව සිටි දේශබන්දු තෙන්නකෝන් අද දිනයේ පොලීසියට භාරවී ඇප ලබාගැනිමේ සූදානමක් පවතින බව වාර්තා වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka