gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති කාටද කොචොක් කරන්නේ... මේ මනුස්සයා කොච්චර ගොනෙක්ද කියලා තේරේන්න ඔ්නේ - කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තිකයන් විසින් ඉල්ලා සිටින සිය දීමනා ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කල ප්‍රකාශයට සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රතිචාර දක්වයි.

‘රටක ජනාධිපති කෙනෙක් කාටද මේ කොචෝක් කරන්නේ’ යන මැයෙන් තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම සටහන තබා තිබේ.

රටක ජනාධිපති කෙනෙක්, කාටද මේ කෝචෝක් කරන්නේ..?

ජනාධිපති අනුර කුමාර දිසානායකට, තාම එයා මේ රටේ ජනාධිපති කියලා අමතක වෙලා. වෘත්තිකයන්ගේ ප්‍රශ්නවලට හිනාවෙලා, කාඩර් එක පිනවන්න යන දිසානායකට ඔය කියන ගාන කෝචෝ කරන්න තරම් සමාන වුණාට, යන්තම් හරි ආයතන සංග්‍රහයවත් කියවගත්ත කෙනෙකුටට මේ මනුස්සයා කොච්චර ගොනෙක්ද කියලා තේරෙන්න ඕනේ.

සෞඛ්‍ය වෘත්තිකයෝ විදිහට අපි මුදල් ලාභයක් නැතුව ක්‍රමය ආරක්ෂා කරන එකේ වැදගත්කම අපි දැක්කේ, මේ රටේ ආර්ථිකය ගැන අපිට හැඟීමක් තියෙන නිසයි. ඒ හැඟීම, අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ ඉඳගත්තට පස්සේ හදාගත්ත හැඟීමක් නොවන නිසා, ඔය වගේ කෝ චෝක් වලට ප්‍රතිචාර දක්වන්න අපි ටික කාලයක් බලාගෙන ඉන්නම්.

කොහොම වුණත් දිසානායක ජනාධිපතිවරයාගේ මේ උපහාසාත්මක කථාව තුල සැබවින්ම ඇත්තේ ඔහුගේ තීරණයට අභියෝග කිරීම පිළිබඳව වෛරයකි. ඔහුගේ මුල් තීරණය වෙනස් කිරීමට සිදුවීම පිළිබඳව ලැජ්ජාවකි. ඔහු විසින් සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අනාගතයට බලපැවැත්වෙන පරිදි සිදුකල අසාධාරණය, සාධාරණීකරණය කල බංකොලොත් වෘත්තීය සමිති කාඩර්වරුන් පිනවීමකි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අරගලයට ප්‍රතිචාර ලෙස, ජනාධිපතිවරයා අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කල සංශෝධන

අතිකාල ගෙවීම් සඳහා 1/160ක අගය නව වැටුපටද එලෙසම පවත්වා ගනී.

ගෙවීම් වැඩි වීමෙන්, 4/5ක් ලෙස වේ.

උදාහරණයක් ලෙස:

දැනට 205/- අතිකාල 1/160ක් ලෙස වූ විට,

2025 – 315

2026 – 335


2027 – 350

එය 4/5ක් ගෙවීමට යටත්ව,

2025 – 290

2026 – 305

2027 – 320 ලෙස ගෙවනු ඇත.

මීට පෙර 1/200ක් වීම නිසා, අතිකාල ගෙවීම් වසර තුනටම 280/-ක් ලෙස පවතින බව සලකා බැලූ විට, මෙම සංශෝධනය අප අරගලය තුළ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.


එසේම, ආර්ථිකය යහපත් වීමේදී මුළු මුදල ලබාදීමටත් එකඟ වීම හේතුවෙන්, අනාගතයේද 1/160ක අනුපාතය සුරක්ෂිත වී ඇත.

එහෙත්, 1/20 නිවාඩු දින දීමනා කප්පාදුව සඳහා කිසිඳු සංශෝධන ප්‍රකාශ නොවීම හේතුවෙන්, එය 1/30 ලෙසම පවතී.

අරගලය පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා, ඉදිරි සතියේ චක්‍රලේඛ නිකුත් වීම අවධානයට ගනිමින්, ඉදිරියට ප්‍රකාශ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ගැලරිය පිනවීම උදෙසා කල කථාවේ අන්තර්ගතයට අමතරව, නිල නොවන වශයෙන් උපකල්පනය කලහැකි අයවැය සංශෝධන

සතිඅන්ත හා නිවාඩු දින දීමනා සඳහා මූලික වැටුපෙන් 1/20ක් ලෙස ගෙවන දීමනාව නව වැටුපටද එලෙසම පවත්වා ගනී. ගෙවීම් මුළු වැඩිවීමෙන් 2/3ක් ලෙස වේ.


එමඟින්, පවතින සීමිත මුදල් කළමනාකරණය කිරීමේදී, අප ජයග්‍රහණ අත්කර ගනිමින්, අනාගතයේද 1/20ක දීමනාව සුරක්ෂිත කර ඇත.

මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අදාල චක්‍රලේඛය නිකුත් විය යුතුය. සෞඛ්‍ය වෘත්තිකයින්ට ජනාධිපතිවරයාගේ අපහාසය පසෙක තිබියදී, එම චක්‍රලේඛය තුල තවදුරටත් සාධාරණය ඉටු වී නොමැතිනම්, එකාවන්ව අරගලයට පෙල ගැසෙමු.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka