gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම කැමතියි ජනතාවගේ පැත්තේ හිටගන්න… අය-වැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ කාදර් මස්තාන් කියයි!

ඊයේ දින (21) ඡන්ද 114කින් සම්මත වූ 2025 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් එකම විපක්ෂ මන්ත්‍රීවරයාවූ කාදර් මස්තාන් මන්ත්‍රීවරයා තමන් මෙම තිරණය ගත්තේ ජනතාවගේ පැත්තෙන් කල්පනා කර බව මාධ්‍යයට පවසා තිබේ.

අද දෙරණට අදහස් දක්වමින් කාදර් මස්තාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනතාව ලබා දී ඇති බලයට එරෙහිව ක්‍රියාත්මක වෙනවාට වඩා ජනතාව වෙනුවෙන් සහයෝගය ලබා දීම වැදගත් බවය.

“මේක ආණ්ඩුවේ පළවෙන් අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ.”

“අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.” මන්ත්‍රීවරයා කියා තිබිණි.

වන්නි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන කාදර් මස්තාන්, කම්කරු පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka