gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

යුද්ධයේ වගකීම මහින්ද බාර ගනියි

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය  සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා  කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තමා බවත් සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළා පමණක්   බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධාන එල්ල කරන පීඩනවලට එරෙහිව වර්තමාන රජය සෘජුවම පෙනී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක මෙසේද සඳහන් වෙයි.
-lankadeepa
(සුජිත් හේවාජුලිගේ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka